May 15, 2024

රාජ්‍ය සේවක වැටුප් කප්පාදුවක් ගැන ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරියේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු නොකරන බවට සහතිකයක් දිය නොහැකි බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කරනවා.

රටේ ආර්ථිකය ඉතා දුර්වලයි

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දිගටම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් මෙතෙක් ගෙව්වද ඉදිරියටත් එසේ ගෙවීමට තරම් ශක්තිමත් ආර්ථිකයක් රටේ නොමැති බවයි අමාත්‍යවරයා හෙළිදරව් කරන්නේ.

ඒ නිසා තවදුරටත් ලක්ෂ පහළොවක් පමණ වන රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම රජයට අල්ලාගෙන සිටීමට නොහැකි බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

ඉදිරි තත්ත්වය නරකයි

රාජ්‍ය ආදායමෙන් 80% ක් පමණ වැය වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට බව අමාත්‍යවරයා සදහන් කරනවා.

එනිසා ඉදිරියේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමේ තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩක් තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

බන්දුල ගුණවර්ධන වෙළෙඳ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දෙරණ රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 August 2021 10:07