May 06, 2024

සජිත් ප්‍රමුඛ සමගියෙන් ගත්ත විශේෂ තීන්දුව!

මෙරට උද්ගතව ඇති කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා විපක්ෂය වන සමගි ජන බලවේගය විසින් තීරණයක් ගෙන තිබෙනවා.

කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව මුදා ගැනීම සහ රෝහල් ගතව සිටින ජනතාව හට ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා අවශ්‍ය උපකාර ලබාදීමට එම පක්ෂය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිය වැටුප පරිත්‍යාගයක් ලෙස ලබාදීමට තීරණය කරලා.

මීට අමතරව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා ද සිය අගෝස්තු මස වැටුප මෙම වසංගත පාලනය කිරීම සඳහා පරිත්‍යාග කර ඇති බවටයි වාර්තා වන්නේ.

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ද මීට පෙර පවසා තිබුණේ මේ රටේ යහමින් මුදල් හදල් තිබෙන හැමෝගෙන්ම තමන්ගේ ආදායමෙන් භාගයක් කොවිඩ් අරමුදල සඳහා ලබා දීම මෙම අවස්ථාවේ ඉතාමත් වටිනා බැවින් ඒ සඳහා උපකාර කරන ලෙසයි.

Rate this item
(0 votes)