May 17, 2024

බැසිල්ගෙන් විමල්ට "මහින්ද සංස්කෘතිය" ගැන පාඩමක්

මුදල් ඇමති ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල මීළඟ අය - වැය සඳහා සූදානම් වෙමින් සිටින්නේ.

ඒ මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන මංගල අය - -වැයයි

සියලු පාර්ශ්ව සමග සාකච්ඡා

ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන සන්ධානගත පක්ෂවල මෙන්ම කණ්ඩායම් සමග අය - වැය සම්බන්ධයෙන් අදහස් හා යෝජනා විමසමින් සිටිනවා.

ඒ එම පක්ෂ හා කණ්ඩායම් පුද්ගලිකව මුණ ගැසෙමින්.

බැසිල් - විමල් හමුව

ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා සමග මතවාදාත්මක අරගලයක සිටින විමල් වීරවංශ අමාත්‍යවරයා නායකත්වය දෙන ජාතික ජාතික නිදහස් පෙරමුණත් සමගත් පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවක් පැවැත්වූවා.

එහිදී අය - වැය සකස් කිරීමේදී තමන් අනුගමනය කරන සංස්කෘතියක් පිළිබඳවද විමල් වීරවංශ ඇමතිවරයා ප්‍රමුඛ එම පක්ෂයේ නියෝජිතයන් හමුවේ විශේෂ රහසක් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා හෙළි කර තියෙනවා.

අගමැතිගේ ක්‍රමවේදය ඉදිරියට

"අය - වැය සකස් කිරීමේ දී විවිධ පාර්ශවයන්ගේ අදහස් ලබා ගැනීම අපේ අයවැය සංස්කෘතියට එකතු කළේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මුදල් ඇමැති හැටියට කටයුතු කරද්දී."

මුදල් ඇමතිතුමා කියලා තියෙන්නේ එහෙම කතාවක්.

"මහින්ද රාජපක්ෂ මහතාගේ ඒ ආරම්භය මම ඉදිරියට ගෙන යමින් සියලු කණ්ඩායම් එක්ක අය - වැය ගැන කතා කරනවා.දැන් ඔබතුමාලටත් පුලුවන් ඔබලගෙ අදහස් කියන්න."

මුදල් අමාත්‍යවරයා විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රමුඛ පිරිස සමඟ අය - වැය සාකච්ඡාවට ආරම්භය අරන් තිබෙන්නේ ඔන්න ඔය විදිහට.

Rate this item
(0 votes)
Last modified on Sunday, 22 August 2021 11:41