May 17, 2024

දිනේෂ්, විමල්, වාසු, වෙන වෙනම බැසිල් හමුවෙයි

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ තුනක නායකයින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

එම හමුව සිදුව ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.

ඒ අනුව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණද, අමාත්‍ය විමල් විරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණද, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණද,  මුදල් අමාත්‍යවරයා හමුවී තිබෙනවා.

වෙන වෙනම හමුවෙලා

මෙම පක්ෂ තුන වෙන වෙනම, මුදල් අමාත්‍යවරයා හමුවී තිබෙනවා.

එහිදී මෙවර අය-වැය යෝජනා පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් එහි නායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට අමතරව, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන යන මහත්තුරුන්ද සාකච්ඡාවට එක්ව සිටියා.

අයවැයට යෝජනා

ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි නායක අමාත්‍ය විමල් විරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමද, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් එහි නායක, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ඇතුළු පාර්ලිමේන්තු කණ්ඩායමද වෙන වෙනම පැවති සාකච්ඡාවලට සහභාගී වී තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා, මෙවර ඉදිරිපත් කිරීමට නියමිත අය -වැය යෝජනා පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සමග සාකච්ඡා කෙරෙන අතර එහිදී එම පක්ෂද සිය යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

Rate this item
(3 votes)