May 06, 2024

මගේ ජීවිතය අවදානමක තිබ්බේ: මරණ බිය දැනුණා - සජිත් කොවිඩ් ගැන කියු කතාව

තමා කොවිඩ් රෝගයට ගොදුරු වූ අවස්ථාවේ ඇතිවූ මානසික තත්ත්වය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව හමුවේ අදහස් දැක්වූවා.

තමා රෝගී වූ අවස්ථාවේ තමාගේ ජීවිතේ ගැන ලොකු අවදානමක් තිබූ බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

ජීවත් වෙයිද නැද්ද

එපමනක් නොව තමාට තමා ජීවත් වෙයිද නැද්ද යන්න පිළිබඳ ලොකු බියකුත් තිබුණු බව විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

තමාට දැනුම් ඒ මරණ බිය මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට තිබෙන බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ.

ජීවිත වලට වටිනාකමක් දෙන්න

එසේ බියට පත්ව සිටින ජනතාවගේ ජීවිතවලට වටිනාකමක් ලබාදීම සඳහා තීන්දු තීරණ ගන්නා ලෙස විපක්ෂ නායකවරයා ආණ්ඩුවෙන් ඉල්ලීමක්ද කළා.

අද මරණ ආදාහනාගාර වලට ගෙනියන්නෙ කන්ටේනර් වල දමා බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.

අද කොවිඩ් හේතුවෙන් රට තුළ ඇතිව තිබෙන පසුබිම ජනතාවට උහුලන්නට බැරි තත්ත්වයක තිබෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 August 2021 13:09