May 15, 2024

බන්දුල කූඹින්ටත් වල කපයි: සීනි 160ට නග්ගයි

පසුගිය දින කිහිපයේ සීනි කිලෝවක මිල වේගයෙන් ඉහළ ගියා.

මේ වන විට සීනි කිලෝවක සිල්ලර මිල රු.160යි.

ඉතිහාසයේ පළමු වතාවට

සීනි කිලෝවක මිල මෙතරම් ඉහළ ගියේ ඉතිහාසයේ පළමු වතාවටයි.

දිනෙන් දිනම සීනි මිටියක මිල ඉහළ යන බවයි සිල්ලර වෙළඳුන් පවසන්නේ.

වෙළෙඳ ඇමැතිගේ වගකීම

අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ මිල පාලනය කිරීමේ වගකීම තිබෙන්නේ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාටයි.

එහෙත් ගුණවර්ධන අමාත්‍යවරයාට දිනෙන් දිනම ඉහළ යන භාණ්ඩ මිල පාලනය කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 16 August 2021 07:24