May 15, 2024

ඩලස් අවුලෙන් : බන්දුලට පණිවිඩයකුත් කියලා - බන්දුල හැමතැනම කියලා

ලබන අඟහරුවාදාට (17) යෙදී තිබෙන කැබිනට් මණ්ඩල සංශෝධනයක් ගැන යළිත් වාර්තා වනවා.

එහිදී ජනමාධ්‍ය ඇමැතිකම දැනට විදුලි බල අමාත්‍ය ධුරය දරන ඩලස් අලහප්පෙරුම මහතාට ලබා දීමට සූදානම් බවයි දැනගන්නට තිබෙන්නේ.

ඩලස් කියූ රහස

එහෙත් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා එම අමාත්‍ය ධුරය භාරගැනීමට කැමැත්තක් නැති බවයි තවත් ඇමතිවරයෙකුට දැනුම් දී තිබෙන්නේ.

ඒ බව තහවුරු කෙරෙන පුවතක් වාර්තා වනවා.

මම නම් ඕකට කැමති නැහැ

තමන්ගේ වෙළෙඳ ඇමති ධූරයේ වෙනසක් නොවන බව තහවුරු වී තිබෙන බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාට කතා කොට "අපේ ජනමාධ්‍ය ඇමැති තුමා" යයි ආමන්ත්‍රණය කොට තිබෙනවා.

ඊට හැරෙන තැපෑලෙන් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පිළිතුරු දී තිබෙන්නේ "ඔය කතාව තවමත් ආරංචි මාර්ග විතරයි.කොහොමත් මම ජනමාධ්‍ය අමාත්‍යාංශයට නම් කැමති නැහැ."කියායි.

ඕක මට දාන්න කැපිල්ලක්

ආණ්ඩුව කරන වැඩ වලට ලැබෙන ප්‍රචාරය මදි බැවින් අලහප්පෙරුම මහතාට එම අමාත්‍යධූරය ලබා දීමට හේතුව බවයි ආණ්ඩුව පැත්තෙන් කියවෙන්නේ.

අලහප්පෙරුම අමාත්‍යවරයා කලක් මාධ්‍යවේදියකු ලෙසද කටයුතු කර තිබෙන නිසා ඔහුට එම අමාත්‍යධූරය හොඳින් කළ හැකි බව ආණ්ඩුවේ විශ්වාසය.

එහෙත් දැනට දරන විදුලිබල අමාත්‍ය ධුරයෙන් ඉවත් කොට තමන්ට ජනමාධ්‍ය අමාත්‍ය ධූරය ලබා දෙන්නේ කැපිල්ලක් හැටියට බව අලහප්පෙරුම මහතාගේ විශ්වාසය බවයි දැනගන්නට තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 14 August 2021 13:15