May 06, 2024

කොවිඩ් දරුණු වුණේ උද්ඝෝෂණ නිසා නෙවෙයි - විපක්ෂ නායකගේ විග්‍රහය Featured

කොවිඩ් වසංගත ව්‍යාප්තිය මේ තරම් බරපතළ වූයේ ජනතා උද්ඝෝෂණ හෝ අරගල නිසා නොවන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ.

වැඩේ අනාගත්තේ ආණ්ඩුව

වසංගත තත්ත්වය මෙතරම් දරුණු අතට හැරුණේ ආණ්ඩුවේ නොහික්මුණු වැඩපිළිවෙළ නිසා බවටයි විපක්ෂ නායකවරයා චෝදනා කරන්නේ.

මොහොතින් මොහොත ආණ්ඩුව සිය අමානුෂික මුහුණුවර ප්‍රකට කරමින් සිටින බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා කොවිඩ් හේතුවෙන් මියයන මරණවල වගකීම ආණ්ඩුව බාර ගත යුතු බවයි සඳහන් කරන්නේ.

මුහුණු පොතේ සටහන

විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කර තිබුණේ ඊයේ (6) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී.

විපක්ෂ නායකවරයාගේ මෙම අදහස් පළ කිරීම පිළිබද සටහනක් ඔහුගේ නිල මුහුණු පොතේ තබා තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මේ දිනවල සිදුවන බොහෝ උද්ඝෝෂණවලට උද්ඝෝෂකයෙක් ලෙස සහභාගි වන අතර උද්ඝෝෂණ හේතුවෙන් අත් අඩංගුවට ගන්නා පිරිස් වල සුවදුක් විමසීමටද නිරන්තරයෙන්ම යන අයුරු දක්නට ලැබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 06 August 2021 23:59