May 15, 2024

ගලක් කළ හදිය - ඇමති බන්දුල නූලෙන් බේරෙයි

පාරිභෝගික ජනතාව නිතරම මතක් කරන මතක් වන ඇමතිවරයා බන්දුල ගුණවර්ධන මහතාය.

ගුණවර්ධන මහතා මීට ටික දිනකට පෙර අනතුරක් නොවී යාන්තම් බේරුණු සිද්ධියක් පාහියන්ගල පැත්තෙන් වාර්තා වනවා.

මන්ත්‍රී සමග පාහියන්ගලට

බුලත්සිංහල නව ස.තො.ස කාර්යාලයේ විවෘත කිරීමෙන් පසු කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා සමග ගුණවර්ධන ඇමතිවරයා පාහියන්ගල දැක බලා ගැනීමට පැමිණ තිබෙනවා.

ගුණවර්ධන අමාත්‍යවරයා ගල්ලෙන පාමුල සිටියදී උඩ සිට බිමට වැටුණු කළු ගලකින් නූලෙන් බේරී ඇති බවයි වාර්තා වන්නේ.

වැඩි ආරක්ෂාවට ගුහාව තුළට

අමාත්‍යවරයා සමග සිටි ආරක්ෂ නිලධාරීන් වහ වහා අමාත්‍යවරයාව ඒ ස්ථානයෙන් ඉවත් කර ගුහාව තුළට ගෙන ගොස් තිබෙන්නේ වැඩි ආරක්ෂාව සඳහායි.

වසර ගණනාවකට පසුවයි මෙසේ කළු ගලක් කඩාගෙන වැටුන බවයි ඒ අවස්ථාවේ මේ සිද්ධිය දුටු එතැන සිටි පිරිස පවසා තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 02 August 2021 15:48