May 15, 2024

ගුරුවරුන්ට ඇමති බන්දුලගෙන් පණිවිඩයක් - වැටුප් වැඩි කල හැකි ක්‍රම 3ක් කියයි

මේ වන විට ගුරුවරුන් සිටින්නේ උද්ඝෝෂණ වල සහ විරෝධතා වල.

ඒ වසර 24 පුරාවටම නොසිඳුණු වැටුප් වැඩිවීමක් ඉල්ලා.

වැටුප් වැඩි කළ හැකි ක්‍රම තුනක්

ගුරුවරුන්ගේ වැටුප් වැඩි කල හැකි ක්‍රම තුනක් පිළිබඳව හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු වන බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දී තිබෙනවා.

ඒ පෞද්ගලික පන්ති ගුරුවරයකු පමණක් නොව ආර්ථික විද්වතෙකුද වන නිසා.

ගුරුවරුන්ට වැටුප් වැඩි කිරීම සඳහා මුදල් සොයා ගැනීමට නම් දැනට තියෙන භාණ්ඩ හා සේවා බද්ද 30% දක්වා පමණ වැඩි කිරීම , රාජ්‍ය දේපල විකිණීම සහ අසීමිත ලෙස ණය ලබා ගැනීම යන ක්‍රම තුන හැර වෙන ක්‍රම නැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

බදු නැතිව රජයේ ආදායම පහලට

පවතින කොවිඩ් වසංගත තත්ත්වය මත ව්‍යාපාර බොහෝමයක් වසා දමා තිබෙන බැවින් බදු ගෙවන ලෙස එම ආයතන වලට කීමට නොහැකි බැවින් ආණ්ඩුවේ ආදායම පහත වැටී ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරනවා.

රටේ ඇතිව තිබෙන ආර්ථික තත්ත්වය මත පසුගිය යහපාලන ආණ්ඩුව ගත් ණය ප්‍රමාණයට වඩා පස් ගුණයක පමණ ණය ලබා ගැනීමට වත්මන් රජයට සිදුවේ දැයි කීමට නොහැකි බවට අමාත්‍යවරයා අනාවැකියක්ද පල කරනවා.

දරුවන් විවේකයෙන්

මේ වන විට සිය වෘත්තිය ක්‍රියා මාර්ග නිසා ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපනයෙන්ද ඉකුත් 12 වෙනි දා සිට ඉවත් වී සිටින්නේ.

ඒ නිසා පාසල් දරු දැරියන්ද දැන් නිකරුණේ කාලය ගත කරන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 26 July 2021 10:43