May 01, 2024

ආණ්ඩු පෙරළියේ සැලසුම රනිල්ගෙන් - සජිත්ටත් කැමැත්ත දෙයි

එක්සත් ජාතික පක්ෂය පමණක් නොව සමගි ජන බලවේගය ඇතුළු සියලු බලවේග ඒකරාශී කරගත යුතු බව හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනතාව පීඩාවට පත් කරමින් සිටින ආණ්ඩුව සමග "හැප්පිය" යුතුව ඇත්තේ සියලු බලවේග ඒකරාශී කරගෙන යැයි ඔහු පෙන්වා දී තිබෙනවා.

මේ මොහොතේ එම ප්‍රධාන අරමුණ කරා යන ගමන පසෙක තබා වෙනත් අය සමඟ හැප්පීමෙන් ඵලක් නොවන බව ද එයින් වන්නේ කාලය නාස්ති වීමක් පමණක් බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ වර්තමානයේ දී රට මුහුණ දී සිටින අභියෝග වලින් ජනතාව මුදාගැනීමට නම් සියලු බලවේග සහ ජන කොටස් ඒකරාශී කර ගනිමින් ජයග්‍රහණය කරා යායුතු බවයි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතන නවක මන්ත්‍රීවරුන් සඳහා පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මන්ත්‍රී වැඩමුළුවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

Rate this item
(3 votes)