May 07, 2024

සිරස වසා දැමීමට ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්! විපක්ෂයේ හෙළිදරව්වෙන් මැතිසබය උණුසුම්

සිරස මාධ්‍ය ආයතනයේ විකාශය අයිතිය අහෝසි කිරීමට ආණ්ඩුව විසින් සැලසුම් කර ගෙන යන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්වක් සමග සභාව තුළ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ආණ්ඩුව , ආණ්ඩුවට හිතවත් නීතීඥ පිරිසක් සමග එක්ව සිරස විකාශය අයිතිය තහනම් කළ හැකි ආකාරය පිළිබඳව සොයා බැලීමට සාකච්ඡාවක් පවත්වා ඇති බව එහිදී විපක්ෂ නායකවරයා හෙළිදරව් කළා.

සමගි ජන බලවේගයේ විරෝධය

ඒ සමඟම ඊට ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා සඳහන් කළේ විපක්ෂ නායකවරයා විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා විනාඩි 5ක් වූ බවත් දැන් එය විනාඩි 7ක් දක්වා වැඩි වී ඇති බැවින් දැන් එය අවසන් කළ යුතු බවය.

ඒ සමගම කථානායකවරයාගේ නියෝගයන්ද නොතකා නැගී සිටී විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂය ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය දැන්ම ප්‍රකාශ කළ යුතු බවට විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුව අමතා සඳහන් කළේ අපනයන සංවර්ධන පනත් කෙටුම්පත බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරමින් සිටි අවස්ථාවේය.

ඇමැති බන්දුලගේ ප්‍රතිචාරය

අවම තරමින් මේ වන විට සභාව අමතමින් සිටින බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාවත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බව විපක්ෂ නායකවරයා දන්වා සිටි අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ එවැනි මර්දනකාරී වැඩ පිළිවෙලක් ජනපතිවරයාගේ හා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන බවයි.

ඉන් සෑහීමකට පත් නොවූ විපක්ෂය දිගින් දිගටම බාධා කිරීම් කළ අතර එහිදී ගුණවර්ධන අමාත්‍යවරයා විපක්ෂයෙන් ඇසුවේ මේ සම්බන්ධයෙන් ඔප්පු කිරීමට තොරතුරු කෝ කියාය.

ජාතික ජනබලවේගයේ සහාය

සිරස මාධ්‍ය ආයතනයට එල්ල වී ඇති මෙම තත්ත්වය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම අදහස් දැක්වූ අතර ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතාද සිරස රූපවාහිනී සේවයට එල්ල කොට ඇති මෙම මර්දනය හෙළා දකිමින් වූ අදහස් දැක්වූවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 July 2021 12:13