May 07, 2024

පාසල් දරුවන් වෙනුවෙන් සජිත් පෙරට : මෙහෙම විභාග ලියන්නේ කොහොමද ?

වසරකට වැඩි කාලයක් කොවිඩ් වසංගතය නිසා පාසල් වසා දැමීම හේතුවෙන් හා මාර්ගගත අධ්‍යාපනය නිසි අයුරින් ලබා දීමට අපොහොසත් වීම මත මේ වර්ෂයේ අ.පො.ස (උසස් පෙළ) අ.පො.ස (සාමාන්‍ය පෙළ) හා ශිෂ්‍යත්ව විභාගයන් සඳහා පෙනී සිටින දූ දරුවන්ගේ විෂය නිර්දේශ සපුරා නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරනවා.

එසේ විෂය නිර්දේශ සම්පූර්ණ නොකොට තිබියදී පාසල් දරුවන් මෙම විභාගවලට පෙනී සිටින්නේ කෙසේදැයි දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වන සුසිල් ප්‍රේම් ප්‍රේම්ජයන්ත් මහතාගෙන් ප්‍රශ්න කරන විපක්ෂ නායකවරයා එවන් පසුබිමක් තුළ මෙම දරුවන්ට සිය ජීවිතයේ තීරණාත්මක විභාග සදහා පෙනී සිටින්න යැයි කීම එම දරුවන්ට කරන බරපතළ අසාධාරණයක් බවයි සඳහන් කරන්නේ.

විෂය නිර්දේශ ආවරණය කිරීම පිළිබඳ තක්සේරුව

මාර්ගගත අධ්‍යාපනය ඔස්සේ මේ වර්ෂයේ මේ විභාග වලට පෙනී සිටින දරුවන්ගේ විෂය නිර්දේශ ආවරණය කිරීම සම්බන්ධයෙන් රජයේ ඇති තක්සේරුව කුමක්දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරනවා.

මාර්ගගත අධ්‍යාපනය ලබා ගැනගැනීමට නොහැකි ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක් තිබෙන බව එළිදරව් කළ විපක්ෂ නායකවරයා එම ප්‍රදේශ බොහෝමයක් නම් ගම් සහිතව හෙළි කළා.

අධ්‍යාපනය ලබාදීම රජයේ වගකීමක්

මාර්ගගත අධ්‍යාපන ක්‍රමයට හෝ රූපවාහිනී අධ්‍යාපන ක්‍රමයකින් හෝ පාසල් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කිරීම රජයේ වගකීමක් බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

එහෙත් වත්මන් රජය එම වගකීම පැහැර හැර ඇති බවට පක්ෂ නායකවරයා චෝදනා කරනවා.

අධ්‍යාපනය කඩාකප්පල් වීම ජාතික ප්‍රශ්නයක්

එනිසා මෙය ජාතික වශයෙන් වැදගත් වන ප්‍රශ්නයක් බවයි විපක්ෂ නායකවරයාගේ අදහස.

Rate this item
(4 votes)
Last modified on Tuesday, 06 July 2021 12:27