May 15, 2024

බදු නොගෙවා මුදල් සඟවා ගෙන සිටින අයට සුබ ආරංචියක් Featured

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් මෙරටට තවත් නවතම පැකේජයක් හඳුනා දීමට කටයුතු කරන බව ඊයේ (04) දිනයේ මාධ්‍ය ඉදිරියේ පවසා සිටියා.

මේ වන විටත් බදු සහන පැකේජයක්, ණය සහ පැකේජයක් සහ පොලි සහන පැකේජයක් ලබාදී තිබෙන බවට අමාත්‍යවරයා එහිදී පවසා සිටියා.

ඉදිරි කාලයේ දී හඳුන්වා දෙන නවතම පැකේජය ලෙස අමාත්‍යරයා සඳහන් කර සිටියේ “ආයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති පැකේජය” නම් අලුත්ම ක්‍රමවේදයයි.

මෙහිදී වැටි තිබෙන ආර්ථිකය ගොඩ ගැනීම සඳහා ස්වජාතිකයන් විසින් දේශීයව හෝ විදේශීය රැස්කරගෙන හෙළිදරව් නොකරගෙන ඇති මුදල් සියල්ලම යම් නිශ්චිත ව්‍යාපෘතිවල ආයෝජනය කරන්න හැකියාව ලැබෙන බවත්, ඒ සඳහා 1%ක් වැනි කුඩා බදු ප්‍රමාණයක් පමණ ගෙවිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එම ආයෝජනවලින් පසුව අතීතයට බල නොපාන නව බදු ලිපි ගොනුවක්ද ආරම්භ කරන බවද අමාත්‍යවරයා විසින් සඳහන් කළා. 

මේ හේතුවෙන් කිසිදු බියකින් හෝ සැකයකින් තොරව ලෝකයේ කොහේ හෝ තැනක විදේශ විනිමයක්, මුදලක් ස්වජාතිකයෙකු රඳවා තබාගෙන තිබේ නම් නැතිනම් දේශිය වශයෙන් රඳවාගෙන තිබේ නම් ඒ සඳහා බදු භීතිකාව යටතේ ආදයම් බදු දෙපාර්තුමේන්තුවට හෙළිදරව් කර නැතිනම් ඒ සියල්ල හෙළිදරව් කර 1%ක් වූ නාමික බද්දක් ගෙවීමෙන් පසුව ආයෝජනය ලෙස විශාල ආකාරයෙන් වර්ධනය කරගත හැකි බවද අමාත්‍යරයා විසින් පවසා සිටියා.

Rate this item
(0 votes)