May 15, 2024

ඇමතිට ජනතාව ගැන පුදුම ආදරයක්: කැබිනට් අනුමැතියටත් පෙර මිල ගනන් කැඳවලා

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඉන්දියාවෙන් ආනයනය කිරීම පිළිබඳ මිල ගණන් කැඳවීම කැබිනට් අනුමැතිය ලැබීමටත් පෙර සිදු කොට තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

අනුමැතිය 21, මිල ගණන් කැඳවීම දින 3කට කලින්

අදාල යෝජනාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණේ ඉකුත් 21 වැනි සදුදා වුවද ඒ පිළිබඳව පුවත්පත් දැන්වීම පළමු වූයේ ඊට පෙර දින එනම් 20 වැනි ඉරිදාය.

ඉරිදා පුවත්පත් වෙළෙද පොලට පැමිණෙන්නේ ඊට පෙර දින වන හෙයින් අදාළ දැන්වීම ඇතුළත් පුවත්පත් වෙළෙඳ පොළට පැමිණ තිබෙන්නේ 19 වැනි සෙනසුරාදා වන අතර ඉරිදා පුවත්පත් මුද්‍රණය කරන්නේ සිකුරාදා රාත්‍රියේය.

ඒ අනුව හාල් ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලැබීමට දින තුනකට පමණ පෙර ඒ සඳහා වූ පුවත්පත් දැන්වීම ලබාදී තිබෙන බවයි තහවුරු වන්නේ.

එය පළකරන ලද්දේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා යටතේ ඇති වෙළෙඳ අමාත්‍යාංශ විසින්.

හාල් තොගය ආරක්ෂිත තොගයක්

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා ආනයනය කිරීමට නියමිත මෙම සහල් තොගය ආනයනය කිරීමෙන් පසු දිවුලපිටිය පිහිටි ගබඩා සංකීර්ණයේ ආරක්ෂිත තොගයක් ලෙස ගබඩා කර තබා ගන්නා බවයි එම පුවත්පත් දැන්වීමේ සඳහන් වන්නේ.

සහල් මෝල් හිමියන් විසින් අධික ලාභයක් තබා ගනිමින් අසාමාන්‍ය ලෙස සහල් මිල ගනන් ඉහළ දැමීම හේතුකොටගෙන පාරිභෝගිකයාට සහනයක් ලබාදීම සඳහා මෙම සහල් තොගය ආනයනය කිරීමට පියවර ගත් බවයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සිංහල අලුත් අවුරුද්දට පෙරද මේ ආකාරයට සහල් තොගයක් ආනයනය කිරීමට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කළ යෝජනාව ඒ අවස්ථාවේ කැබිනට් මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප වුණා.

Rate this item
(0 votes)
Last modified on Monday, 28 June 2021 19:44