May 06, 2024

සජිත් වටේ ගොට්ටන් පිරිසක් ඉන්නවා - සජිත් පිලේ ප්‍රබලයෙකු පිම්මකට සැරසෙයි

සජිත් ප්‍රේමදාස වෙත එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පත්කිරීමට මෙන්ම සමගි ජනබලවේගය පිහිටුවීමටත් සැලකිය යුතු වැඩකොටසක් කළ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා තමන් දැන් රනිල් විරෝධියෙක් නොවන බව ප්‍රසිද්ධියේ සඳහන් කර තිබෙනවා.

ඒ සිය ෆේස්බුක් ගිනුමෙහි සටහනක් තබමින්ය.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ අවාසනාවකට එදා රනිල් අසල කැරකුන ගොට්ටන් පිරිසක් මෙන්ම අද දවසේ සජිත් වටාත් ගොට්ටන් පිරිසක් සංවිධානය වී ඇති සෙයක් පෙනෙන බවයි.

අද අපට අවලාද කියන රනිල් විරෝධී සජිත් වාදීන් එදා රනිල්ට එරෙහිව අප අරගල කරන කල හිටියේ තම වල්ගය දෙපැරැන්දේ දමාගෙන බවයි ඔහු අවධාරණය කරන්නේ.

එම සටහන පහත දැක්වෙයි.

මම දැන් රනිල් විරෝධී නැත!
හැබැයි නැවත රනිල්ගේ ඔඩොක්කුවට යන්නේ ද නැත!
රනිල් හා එජාපය අවශ්යවන්නේ ප්රජාතන්ත්රවාදය ජයගැනීමටය!
අප විසින් රනිල් මහතා පාර්ලිමේන්තුවේ දී දැක්වු අදහස් පිලිබඳව ප්රසාදයෙන් කතා කිරීම පිලිබඳව ඇතමුන් කුපිතවී ඇති බවක් ඊට බුකියේ දැක්වු ප්රතිචාර තුලින් පෙනෙන්ට තිබේ.
මම අදටත් රනිල් සම්බන්දව විසම්මුතිකයෙකි. එසේම රනිල්ට පක්ෂව කතා කොට සජිත්ට විරුද්ධවිමට හෝ රනිල් හා සජිත් කොටවා චම්පිකට වාසියක් ලබා දීමට මගේ කිසිදු බලාපොරොත්තුවක්ද නැත.
එසේම ඇතමුන් කියන පරිදි අප විසින් මා මෛත්රී ජනාධිපති සමග කටයුතු කරන සමයේ මෛත්රී රනිල් කෙටවීමට කිසිදා කටයුතු කර නැත. පිරිමියකු හා ප්රතිපත්ති ගරුක දේශපාලන අදහස් දරන්නකු වන මම එවැනි කුඨ ක්රියාවල යෙදී නැත.
මා දේශපාලනයේ යෙදෙන්නේ ද අදහස් දක්වන්නේද වාසි තකා නොවේ. අනාගතයටත් එය එසේමය.
දේශපාලනය විචාරකයකු ලෙස අප සිදු කලේ රනිල් මහතා පාර්ලිමේන්තුවේදී සිදු කල කතාවේ හරය අගයීමට ලක් කිරිම පමනකි.
මගේ විචාරනයට අනුව රනිල් මතු කලේ කේන්ද්රීය දේශපාලන ප්රශ්න දෙකකි. එය වර්ථමාන දේශපාලනයේ හරයට සම්බන්ද වන ප්රකාෂ දෙකක් වන බව අපගේ හැඟීම වන්නේය.
රනිල්ගේ ප්රකාෂයේ පලමු හරය ලෙස ඉදිරියට ගතහැක්කේ ඔහුගේ පහත ප්රකාෂයෙනි:
1. රට බංකොලොත්වෙන්න යනව නම් IMF එකත් එක්ක කතා කරන්න එහෙම නැතිනම් විකල්පය දක්වන්න.
සැබවින්ම ගත් කල රට බංකොලොත්විම තව මාස ගනනනාවක් පිලිබඳ ප්රශ්නයක් නම් ( අප එසේ සඳහන් කරන්නේ අතිශය කම්පාවෙන් යුතුවය) අප ඉන් මිදීමට ඇති මග පිලිබඳව වගකිව යුතු පුරවැසියන් ලෙස කතිකාවක් ඇති කරගතයුතුව තිබේ. අපට අනුව ඉන් මිදීමට අපට සොයා බැලිය යුතු ඇති මාර්ග 3ක් වන්නේය.
ඉන් පලමු වැන්න වන්නේ රනිල් කියන IMF මාර්ගයයි. දෙවැන්න චීන මාවතයි. තුන්වැන්න විසඳුමක් නොමැති අගාධයට අප රැගෙන යන මාවත වන්නේ සිම්බාබ්වේ මාවතයි.
ඉදින් රනිල් හරියට හො වැරදියට පලමු වරට IMF එක සමග ගනුදෙනු කරන්නට යැයි කීම නිර්භීත සහ ප්රතිපත්තිමය අවංක භාවයක් ප්රකාෂ කිරීමක් යයි මම විශ්වාස කරමි. එසේ නම් රනිල්ට එසේ සැලියුට් කිරීම වරදක් යයි මම නොසිතමි.
රනිල් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද දෙවැනි කරුනද අපේ රට ප්රජාතන්ත්රවාදී අනාගතයට දැවැන්ත ලෙස වැදගත් වන්නකි. එනම්;
2. කොවිඩ් මර්ධන ක්රියාවලිය කාර්ය සාධන බලකායකින් මෙහෙයවන එක වැරදි වගේම අසාර්තක බවත් එය මෙහෙයවීමේ බලතල කැබිනට්ටුව අතට ගතයුතු බවයි. රනිල් අසන්නේ දෙපාර්තමේන්තු ප්රධානියකු වන හමුදාපතිවරයා ඔහුට ඉහලින් ඇති අනෙක් අමාත්යංශ ප්රධානීන්ට අනදෙන්නෙ සහ අන ක්රියාත්මක කරන්නේ කෙලෙසටද යන්නයි
මෙම ප්රකාෂය අප සැලකිල්ලට ගතයුත්තේ කොවිඩ් මර්ධන ක්රියාවලිය තුල සිදුවු වරදක් හෝ අඩුපාඩුවක් ලෙස නොවේ. එය දැවැන්ත දේශපාලනික ප්රශ්නයක් ලෙසටය.
රනිල් අපට මතක් කර දෙන්නේ පසුගිය මාස 18 ක කාලය තුල කොවිඩ් මර්ධනය අරබයා කැබිනට්ටුවක් මගින් තීරන ගන්නා ප්රජාතානත්රික රජයක පාලනයක් අප රට තුල නොපැවති බවයි. (එම පාලනයේ දිගුවක් ලෙස මුදල් අමාත්යංශය මගින් ඔන්ලයින් ක්රමයට අරක්කු විකිනීම නවත්වනේ ද හමුදාපති තුමාය)
එසේම රනිල් අනතුරු අඟවන්නේ අනාගත අධිකාරීවදී සිවිල් මිලිටරි බලයක පෙරනිමිති දැන් දැන් පහල වෙමින් පවතින බවයි.
ඒ සඳහා ඔහු උදාහරනයකට ගෙන එන්නේ ජාත්යන්තර ආයෝජන සමලුවේ කතිකයකු ලෙස හමුදාපතිවරයාගේ සහභාගීත්වයයි.
සැබවින්ම අප ඉහතින් සඳහන් කල බංකොලොත්භාවයට විකල්පයක් ලෙස පවතින චීන මාවතේ ගමන් කිීම සඳහා හෝ විසඳුමක් නොමැති කරවටටක් එරුන සිම්බාබ්වේ මාවතේ ගමන් කිීමට වර්තමානජනාධිපතිවරයාට අවශ්ය අධිකාරීවාදී පාලන ක්රමය කොරෝනා මර්ධනය හා කලමනාකරනය මුවාවෙන් මේවනවිටත් ජනාධිපතිවරයා අත්හදා බලමින් බලමින් සිටින බව රනිල් අපට එය සිහිපත් කර සිටී.
රනිල් මහතා පාර්ලිමේන්තුව තුලදී ආයතන ප්රධානියකු වන හමුදාපති වරයාට අමාත්යංශ ලේකම් වරුන්ට අනදිය හැකිදැයි අසන්නේ මෙම සංකීර්න රාජ්ය පාලන උභතෝකෝටිකය ඉස්මතු කරදීමටය.
ඉදින් එසේ රටක ප්රජාතන්ත්රවාදී අනාගතය අනාගතය අනතුරේ වැටෙමින් තිබෙන තත්වයක් පෙන්වාදීම පිලිබඳව රවිල්ට සැලියුට් කිරීමක් වරදක් ලෙස මම නොදකමි.
මේ ප්රශ්න දෙකම වර්ථමාන විපක්ෂයට අහුනොවුනු නමුත් මතු කලයුතුව තිබු කේන්ද්රීය ප්රතිපත්තිය ප්රශ්න වන්නේ යයි මාගේ මතයයි.
ඉතින් ඒ ගැන කතාකිරිම රනිල්ගෙ ඔඩොක්වට යාමක් නොවේ. එසේම සජිත් විවේචනය කිරීමක් ද නොවේ. එය ඇත්ත ඇති සැටියෙන් දැකිමකි
අවාසනාවකට එදා රනිල් අසල කැරකුන ගොට්ටන් පිරිසක් මෙන්ම අද දවසේ සජිත් වටාත් ගොට්ටන් පිරිසක් සංවිධානය වී ඇති සෙයක් පෙනෙන්නේය. අද අපට අවලාද කියන රනිල් විරෝධී සජිත් වාදීන් එදා රනිල් ට එරෙහිව අප අරගල කරන කල හිටියේ තම වල්ගය දෙපැරැන්දේ දමාගෙනය.
අපහට කියන්නට තිබෙන්නේ අද ඔවුන් සජිත්වාදී බව පෙන්වීමට දැන් රනිල්ට එරෙහිව විපක්ෂය තුල පෙන්වන මාරානතික විරෝධය අපට කරුනු බොහෝමයක් නිසා අදාල නැති බවයි.
අපට දැන් රනිල් සමග බේරාගන්නට ගනුදෙනුවක් නොමැති බව කිවයුතුව තිබේ.
රනිල්ට එරෙහිව ජනමතයක් ඇතිකොට සජිත්ව සමාජයයේ කරලියට ගෙනාවේ අපය. එය දස අව්රුද්දක ප්රතිපලයකි.
එසේම එය දැවැන්ත දේශපාලනික කැප කිරීම් හා සිරගත වීම් හරහා දිනාගත් ජයග්රහනයකි.
නමුත් දැන් අපට අවශ්යව තිබෙන්නේ ප්රජාතන්ත්රවාදය ජයග්රහනය කරවීමටය. සජිත් ජනාධිපති කිීම අපේ කාර්යක් නොවේ. එය ජනතාවගේ කාර්යකි.
ප්රජාතන්ත්රවාදය ජයග්රහනය කිරීමෙන් තොරව මීලඟ මැතිවරනයක් ගැන සිතීමෙන් පලක්වන්නේ නැත.
ප්රජාතන්ත්රවාදය ජයග්රහනය කිරීමට සජිත් හා රනිල් නැවත එක්විය යුතුය. එනම් ලිබරලි කඳවුර එක කොඩියක් යටතට ගතයුතුය.
එවන් සන්දර්භයක් තුල මට රනිල් හා පසමිතුරු බවක් තවදුරටත් අවැසි නැත.
Rate this item
(1 Vote)