May 07, 2024

"අපි එකතු වෙලා අලුත් වැඩක් කරමු" - සජිත් පිලේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීගෙන් රනිල්ට යෝජනාවක්

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දී සිය අසුනේ අසුන් ගැනීමෙන් පසු පළමුවෙන්ම සුභ පතා තිබෙන්නේ සමගි ජන බලවේග මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාය.

සුභ පැතීමෙන් නතර නොවූ වෙල්ගම මහතා රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනාවක්ද කොට තිබෙන බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

දුරකථන මන්ත්‍රී රනිල්ට කළ යෝජනාව

"ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ආපු එක හොඳයි.අපි එකතුවෙලා අලුත් වැඩක් කරමු" යයි වෙල්ගම මන්ත්‍රීවරයා වික්‍රමසිංහ මහතාට යෝජනා කළ බවයි ඒ අසල සිටි මන්ත්‍රීවරුන් සඳහන් කරන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමට පෙර ඒ සඳහා ඔහු සූදානම්ව සිටියදී අග්‍රාමාත්‍යවරයා මෙන්ම සභානායක හා පාසල් මිතුරකු වන දිනේෂ් ගුණවර්ධන මහතාද සුභපතා තිබෙනවා.

එක් පක්ෂ නායකයෙක් හැර ඔක්කොම සුභ පතලා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හැර ආණ්ඩුවේ හා විපක්ෂයේ සිටින සියලුම පක්ෂ නායකයින්ද වික්‍රමසිංහ මහතාට සුභ පතා ඇති බවයි වාර්තා වන්නේ.

විශ්වාස භංගයටත් අත්සන නැහැ

උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව චෝදනා 10ක් ගොනු කරමින් සමගි ජන බලවේගය අස්සන් කළ විපක්ෂ භංගයටද කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා අත්සන් තබා නැති බවයි දැනගන්නට තිබෙන්නේ

Rate this item
(4 votes)
Last modified on Monday, 28 June 2021 08:00