May 06, 2024

ජාතිය අමතන ජනපතිට සජිත්ගෙන් උපදෙසක් (VIDEO)

ජනපතිවරයා අද (25) ජාතිය අමතමින් සිදු කිරීමට නියමිත ප්‍රකාශයේදී ජනතාව මුහුණ දී සිටින ප්‍රධාන ගැටලු කිහිපයකට විසඳුම් දෙනු ඇතැයි, අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

තම පක්ෂය ආණ්ඩුව විසින් ගත් අත්තනෝමතික තීන්දු වලට එරෙහිව ජනතාව සමග අරගල කළ බවත් එය නොනවතින අරගලයක් බවත් ඒ මහතා කීය.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, මේ වනවිට ජනාතාව බරපතළ ලෙස මුහුණදී සිටින ගැටලු 6 කට එහිදී විසඳුම් දෙනු ඇතැයි, අපේක්ෂා කරන බවයි.

  1. පැවති මිලට ම ඉන්ධන මිල ගණන් පහත දැමීම.
  2. පොහොර භාවිතය වෙනස් කිරීම සැලසුම් සහගතව සිදු කිරීම සහ ඉදිරි කන්න සඳහා හිඟයකින් තොරව ගොවි ජනතාවට පොහොර නොමිලේ ලබා දීම.
  3. එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් ධීවර ජනතාවට සිදු වූ හානිය වෙනුවෙන් ස්ථීරසාර සහානාධාර වැඩපිළිවෙළක් සැකසීම සහ නෞකා අනතුරෙන් විනාශ වූ පරිසර පද්ධතිය යළි සංරක්ෂණය කිරීම.
  4. ඔන්ලයින් අධ්‍යාපනයට පහසුකම් නොමැතිව පීඩාවට පත් දරුවන් වෙනුවන් ඉතා කඩිනම් විසඳුම් ලබා දීම.
  5. කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනයට නිසි පියවර ගැනීම (එන්නත්කරණය කඩිනම් කිරීම, සෞඛ්‍ය අංශවලට අවශ්‍ය ආරක්ෂිත උපකරණ ලබාදීම, රෝහල් පහසුකම් වැඩි කිරීම, PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම).
  6. කඩා වැටී ඇති ජන ජීවිත ගොඩනගන්නට ජනතාවට සහනයක් වන මූල්‍ය ශක්තියක් ලබා දීම.

Rate this item
(0 votes)
Last modified on Friday, 25 June 2021 14:00