May 15, 2024

විපක්ෂය දියව් දියව් කිව්වට දෙන්න වෙන්නේ ජනතාවට බදු ගහලාම තමයි - ඇමති බන්දුල

විපක්ෂය ජනතාවට සහන දියව් දියව් කිව්වට ඒවා දෙන්න වෙන්නේ ජනතාවගෙන්ම බදු අය කරගෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.

රාජ්‍ය ආදායමෙන් තුනෙන් එකක් වැය වන්නේ රාජ්‍ය අංශයේ හා විශ්‍රාම වැටුප් ගෙවීමට බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

රජයේ සේවක හා විශ්‍රාම වැටුප්

2020 වර්ෂයේ සමස්ත රාජ්‍ය ආදායම රු.බිලියන 1373 බව පෙන්වා දෙන අමාත්‍යවරයා රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට රු.බිලියන 794 ක්ද විශ්‍රාම වැටුප් ගෙවීමට රු. බිලියන 258 ක්ද වැය වූ බව සඳහන් කරනවා.

මේ අංශ දෙක සඳහා පමණක් රු.බිලියන 1052 වැය වන බවත් එවිට ඉතිරි වන්නේ රු.බිලියන 321බව පෙන්වා දෙන අමාත්‍යවරයා ණය පොලී ගෙවීමට රු.980 සමුර්දි සහනාධාරය ඇතුළු අනෙක් සහනාධාර සඳහා රු.බිලියන 717 පුනරාවර්තන වියදම එනම් රජයේ වියදම රුපියල් බිලියන 2548 බවයි සඳහන් කරන්නේ.

මොන ආණ්ඩුව තිබ්බත් මෙහෙම තමයි

කුමන ආණ්ඩුව තිබුනත් මේ වියදම් දැරිය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 23 June 2021 12:01