May 15, 2024

"ජනතාව රෙදි සේදුවේ සබන් වලින් නෙවෙයි" - බන්දුලගෙන් අලුත් සොයාගැනීමක්

රෙදි සේදීම සඳහා නිසි ප්‍රමිතියෙන් යුතු සබන් වර්ගයක් හෙට (10) දින වෙළෙඳපොළට නිකුත් කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

බන්දුල ගුණවර්ධන මහතා අද(09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකර තිබුණා.

මෙතෙක් කාලයක් මෙරට ජනතාව සබන් ලෙස සිතා සෝදා ඇත්තේ සේදුම් කාරක වලින් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

”මම අධ්‍යයනය කරලා තිබෙන ආකාරයට අපි රෙදි සෝදලා තියෙන්නේ සබන් වලින් නෙවෙයි. සේදීම් කාරක වලින් තමයි රෙදි සෝදලා තියෙන්නේ. සබන් වෙන්න නම් එහි පැවතිය යුතු ප්‍රමිතිය ලෙස සැලකෙන්නේ TFM අගය 59ක් හෝ ඊට වඩා වැඩියෙන් තියෙන්නේ ඕනේ. ලංකාවේ පාරිභෝගිකයෝ සෑහෙන කාලයක් සබන් කියල හිතාගෙන සේදුම් කාරකවලින් තමයි රෙදි හෝදලා තියෙන්නේ අපි ඒ තත්ත්වය වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. හෙට දිනයේදී වෙළෙඳපොළට ඇත්ත රෙදි හෝදන සබන්, සම්මත ප්‍රමිතියට අනුව සබන් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා.” 

Rate this item
(0 votes)