May 15, 2024

විපක්ෂය රට වහන්න කියලා බෙරිහන් දුන්නා: දැන් කොහොමද පරිප්පුව - ඇමති බන්දුල ප්‍රශ්න කරයි

"විපක්ෂය  රට වහන්න රට වහන්න කියලා කෑ ගැහුවා.කොහොමද මේ වහපු දවස ටිකට වෙච්ච විනාශය" යයි බන්දුල ගුණවර්ධන වෙළෙඳ අමාත්‍යවරයා ප්‍රශ්න කරයි.

ගුණවර්ධන අමාත්‍යවරයා මෙම ප්‍රශ්න කිරීම කරන ලද්දේ ඊයේ (15) කොළඹ මැනිං වෙළෙඳපොළේ නිරීක්ෂණ චාරිකාවක නියැළුණු අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

දින තුනකට රට වසා දැම්මත් එම දින කිහිපය තුළ ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා රට පුරා තිබෙන ආර්ථික මධ්‍යස්ථාන විවෘත තැබීමට ආණ්ඩුව තීරණයක් ගෙන තිබුණද නිෂ්පාදන මිලට ගැනීමට තොග වෙළදුන් නොපැමිණීම මත ගොවියන් බරපතළ අර්බුදයකට මුහුණදී සිටී.

මේ නිසා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ලක්ෂ 12ක් පමණ වටිනා එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය නිෂ්පාදකයන් විසින් ඉකුත් 14 වෙනිදා ජනතාවට නොමිලේම බෙදා දීමට පියවර ගන්නා ලදී.

එසේ නොමිලේ බෙදා දුන් ද්‍රව්‍ය රැගෙන යාම සඳහා හුදකලා කිරීමේ නීති මෙන්ම නිරෝධායන නීතිද කඩකරමින් මහජනතාව මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණෙන අයුරු ප්‍රවෘත්ති විකාශය වල පෙන්වන ලදී

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා රට වසා දැමීමේ තීරණයේ බරපතලකම පෙන්වා දුන්නේ මෙම ආර්ථික මධ්‍යස්ථානවල තත්ත්වය පදනම් කොටගෙනය.

Rate this item
(2 votes)
Last modified on Saturday, 15 May 2021 23:09