May 08, 2024

(EXCLUSIVE) ජනපති මට කතා කළා: සිද්ධිය ඇහුවා - මම මගේ පිළිතුර දුන්නා: බුද්ධික පතිරණ

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන හෝ මෙරටට ආනයනය කරන මත් වතුර බෝතල් වල ස්ටිකර් ඇලවීමේ කොන්ත්‍රාත්තුවක සිදු වූ වංචා සහගත සිද්ධියක් හෙළිදරව් කිරීම මුල් කොටගෙන බුද්ධික පතිරණ සමගි බලවේග මන්ත්‍රීවරයා වෙත ජනපතිවරයා දුරකථන ඇමතුමක් දුන් සිද්ධියට මේ වන විට පුළුල් ප්‍රචාරයක් ලැබෙමින් තිබේ.

ජනපතිවරයා බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාට කතා කළ මේ සිද්ධිය සම්බන්ධයෙන් ඒෂියන් මිරර් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාගෙන් කරුණු විමසන ලදී.

එහිදී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා සඳහන් කළේ අදාල ස්ටිකර් සිද්ධිය සම්බන්ධයෙන් තමා කල හෙලිදරව්ව පිළිබඳව තොරතුරු දැන ගැනීමට ජනපතිවරයාගේ කාර්යාලයෙන් තමාට දුරකථන ඇමතුමක් ලැබුණු බවත් ඉන් ජනපතිවරයාට තමා සමඟ කතා බස් කිරීමට අවශ්‍ය තිබෙන බවත් දැනුම් දුන් බවය.

ඒ අනුව ජනපතිවරයා කතා කරන වේලාව ජනපති කාර්යාලයෙන් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාට දැනුම් දුන් අතර කැබිනට් මණ්ඩල රැස්වීම හේතුවෙන් එම වේලාව පැයකින් පමණ ප්‍රමාද වන බව තමාට දැනුම් දුන් බවද පතිරණ මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඒ අනුව ජනපතිවරයා තමාව අමතා තමාගෙන් මේ සිද්ධිය පිළිබඳව තොරතුරු විමසූ බවද පතිරණ මන්ත්‍රීවරයා තහවුරු කරන ලදී.

මෙම අදාළ සිදුවීම් හැර වෙනත් කිසිදු දේශපාලන කටයුත්තක් ජනපතිවරයා තමා සමග කතා නොකළ බවත් තමාද මේ අදාළ කරුණ හැර වෙනත් කිසිදු කරුණක් ජනපතිවරයා සමග කතා නොකිරීමට වග බලාගත් බවත් තමා ඕනෑම කෙනෙකු සමඟ අවශ්‍ය දේ හැර අනවශ්‍ය දේ කතා නොකරන බව බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 30 April 2021 17:08