May 07, 2024

ගංජා නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - මේ සභාවෙත් ගංජා ගහන අය ඉන්නවද? අගමැති ප්‍රශ්න කරයි

පාර්ලිමේන්තුවේ ගංජා ගහන අය ඉන්නවා දැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාගෙන් ඇසීමත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇති විය.

ඒ ගංජා වැවීමසම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් යුත් කමිටුවක් පත් කරන ලෙස පතිරණ මන්ත්‍රීවරයා අග්‍රමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදීය.

මේ පාර්ලිමේන්තුවේ ගංජා ගහන අය නැති නිසා එවැනි කමිටුවක් අවශ්‍ය නැති බව ඒ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන ලදී.

මෙම සිද්ධියට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රේමනාත් සි දොලවත්ත මහතා ද මැදිහත් විය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 October 2020 11:43