May 12, 2024

පාඨලී - විමල් හමුව බොරුවක්: පොහොට්ටු කාර්යාලයේ හදපු රෝලක් - 43 වැනි සේනාංක නියෝජිත

පාඨලී චම්පික රණවක සහ විමල් වීරවංශ යන මහත්වරුන් අතර රහස් හමුවක් සිදු වූ බවට යන රාවය පදනම් විරහිත අසත්‍ය තොරතුරක් බවට 43 වැනි සේනාංකයේ නියෝජිතයකු ඒෂියන් මිරර් වෙත තොරතුරු හෙළිදරව් කරන ලදී.

පාඨලී චම්පික රණවක සහ විමල් වීරවංශ යන මහත්වරුන් හමුවූ බවට කතාව බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ කාර්යාලයෙන් නිර්මාණය කරන ලද්දක් බව එම නියෝජිතයා වැඩිදුරටත් කරුණු හෙළිදරව් කරයි.

බත්තරමුල්ලේ නෙළුම් මාවත පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන්නකි.

මීට ටික කලකට පෙර පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඇතුළු එම පක්ෂයේම පිරිසක් විමල් වීරවංශ අමාත්‍යවරයා සමග ප්‍රසිද්ධියේම වාද විවාදවල පැටලුණු අතර පාඨලී - විමල් හමුව පිලිබද කතාවද සමාජගත වූයේ ඒ කාලවකවානුවේ බවද එම නියෝජිතයා අවධාරණය කරයි.

මේ වන විට පාඨලී චම්පික රණවක මහතාට ඔහු නියෝජනය කරන සමගි ජන බලවේගය තුළින්ම යම් බලපෑම් එල්ල වෙමින් පවතින බව ප්‍රකට කරුණක් වන අතර ඊට හේතුවී තිබෙන්නේ ඔහු විසින් හඳුන්වා දුන් 43 වැනි සේනාංකයේ වැඩපිළිවෙළය.

විමල් වීරවංශ අමාත්‍යවරයාටද පොදු ජන පෙරමුණ තුළින්ම බරපතළ විරෝධතා එල්ල වන අතර මේ වන විට විමල් වීරවංශ මහතා නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පොදුජන පෙරමුණ සමග සිටින සන්ධානගත පක්ෂ හා සංවිධාන 12ක් වෙනම විකල්ප කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී.

Rate this item
(0 votes)
Last modified on Thursday, 29 April 2021 13:17