May 15, 2024

"මම එක පැයක් මේ ඇමැතිකමේ ඉන්නේ නෑ" - බන්දුල මැතිසබේදී සංවේදී කතාවක් කරයි (VIDEO)

තමා රටට අපරාධයක් වංචාවක්, දූෂණයක් අක්‍රමිකතාවයක් සිදුකර ඇතැයි ඔප්පු කළහොත් එක පැයක් පාර්ලිමේන්තුවේ ඇමැතිධූරයේ නොසිටින බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද(23) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සංවේදීව මේ බව ප්‍රකාශ කළේ අසේල සම්පත් මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳ විපක්ෂය කළ චෝදනාවට පිළිතුරු දෙමිනි.

තමා අවංකව සිදුකරන වැඩපිළිවෙලට විවිධ ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින අය අත්අඩංගුවට ගන්න තමා නියෝග නොකල බවත් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ඇමැතිවරයා සිටින කාලයේ කළ පැමිණිල්ලකට අසේල සම්පත් නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Rate this item
(0 votes)
Last modified on Friday, 23 April 2021 11:30