ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම මැයි දිනය සැමරීමට තීරණය කළ බවත් එය කොළඹදී පැවැත්වීමට නියමිත බවත් එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පක්ෂයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගත් බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ දී මැයි දිනය පැවැත්වීම සුදුසු යැයි පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා පාර්ලිමේන්තු කණ්ඩායම එකතුව තීරණය කළ බව ද කියා සිටියේය.
ඒ පිළිබඳ හිටපු ජනාධිපතිවරයා මෙසේද අදහස් පළ කළේය.
“විශේෂයෙන්ම අපේ පක්ෂයේ ඉතිහාසය ගත්තහම මේ රටේ වැඩකරන ජනතාවට, ගොවි ජනතාවට, කම්කරුවන්ට, පීඩිතයින්ට හා සෑම පුංචි මිනිසාටම ශ්‍රමය වැය කරන්නාට ම මුලික වශයෙන් සිය අයිතිවාසිකම්, වරප්‍රසාද ලබාදුන්නේ, පොඩි මිනිහා උඩට ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසය තුළ. ඒ නිසා අපි මැයි දිනය සාර්ථකව පැවැත්වීමයි බලාපොරොත්තු වෙන්නේ. “