May 15, 2024

වෙළෙන්දන්ගේ අභියෝගයට බන්දුල උත්තර දෙයි - බඩු මල්ල යළි දිග හරී

අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක් රුපියල් 1000 මිලට ලක් සතොස හරහා ලබා දීමේ වැඩසටහන සම්බන්ධයෙන් එල්ල වන චෝදනා වලට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රතිචාර දැක්විය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"විවේචනය කරන්න තියෙන අයිතිය පිලිබඳ අපි එයට ගරු කරනවා. තේ මණ්ඩලයේ සිංහයා ලාංජනය සහිත තේ පැකට්ටුවක් තමයි ලබලා දීලා තියෙන්නේ. එතකොට දූවිල්ල තේ එකක් දෙන්න පුළුවන් අඩු මිලට. එහෙම එකක් අපි දීලා නැහැ. මිරිස් කුඩු පැකට්ටුවේ තියෙන්නේ මේ සතොස විසින් අසුරනු ලැබූ මිරිස් කුඩු පැකට්ටුවක්. මේ පුත්තලමේ රාජ්‍ය සංස්ථාවේ ලුණු. මේ ඕස්ට්‍රේලියානු රතු පරිප්පු කිලෝ එකක්. පාන් පිටි කිලෝ එකක්. රතු කැකුළු කිලෝ එකක්. සුදු කැකුළු කිලෝ එකක්. නාඩු කිලෝ එකක්, තායිලන්ත හාල්මැස්සන් 200ක්. තායිලන්ත හාල්මැස්සෝ නැතුව ඩුබායි හරි ඉරාක් හාල්මැස්සෝ දැම්මොත් මේ මිලෙන් භාගයයි. සහන මල්ල 975කට අපෙන් කියලා තියෙන එකට තේ එහෙම තියෙන්නේ ග්‍රෑම් 50යි. උපායශීලිව හරි 1000ට අඩුවෙන් භාණ්ඩ තියෙනවා කියන එක දැන් පොදුවේ පිලි අරගෙන තියෙනවා."

Rate this item
(0 votes)