May 15, 2024

බන්දුලට අභියෝගයක් - සහන මල්ලටත් වඩා අඩුවෙන් වෙළෙන්දෝ බඩු දෙයි

සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සතොස මගින් මේ දිනවල ලබා දෙන රු.1000 සහන මල්ල තමන් රු.950ට පාරිභෝගිකයන්ට ලබාදෙන බව හැටන් ප්‍රදේශයේ පෞද්ගලික ව්‍යාපාරිකයන් කියයි.

තමන් පාරිභෝගිකයන්ට ලබා දෙන රු.950 සහන මල්ලට සතොස මඟින් ලබා දෙන ආහාර මල්ලේ තිබෙන භාණ්ඩ වලට වඩා හොද තත්ත්වයේ ආහාර ද්‍රව්‍ය තිබෙන බව හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කියා සිටියේය.

පෞද්ගලික අංශයේ වෙලදසැල් වලින් ලබා දෙන සහන මල්ලේ ටි.වි.පි. පැකට් එකක් රු.25, කෑලි මිරිස් 100 රු.70, තේ කුඩු 100 රු.70, ලුණු පැකට් එකක් රු.40, තිරිගු පිටි කිලෝ එකක් රු.83 , හාල් මැස්සෝ 200 රු.95 , සුදු හාල් කිලෝ එකක් රු.93 , මයිසුර් පරිප්පු කිලෝ එකක් රු.165 , සිනි කිලෝ එකක් රු.108, රතු සහල් කිලෝ එකක් රු.93, බඩ බත් කිලෝ එකක් රු.96, මාස්ක් එකක් රු.12 වශයෙන් ඇතුලත්ය.

පාරිභෝගිකයන්ට ලබා දුන් සහන මල්ල තමන් අඛණ්ඩව ලබාදෙන බව හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කියා සිටින්නේය.

පෞද්ගලික අංශයෙන් රු 950 ට සහන මල්ලක් ලබාදෙද්දි සතොසට මිට වඩා අඩු මිලට සහන මල්ල ලබාදිමේ හැකියාවක් තිබිය යුතු බවද එම ව්‍යාපාරිකයන් කියා සිටියි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 06 April 2021 09:31