May 15, 2024

කුකුල් මස් මිල වැඩිවීම බන්දුල පිලිනොගනී - මිල වැඩි තැන් හොයලා දුන්නොත් වැටලීම් කරන්නම්

කුකුල් මස් මිලේ කිසිම වෙනසක් සිදු කරන නොමැති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

අද දවස පුරාම පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න ඇසීමටත් ඊට පිළිතුරු ලබා දීමටත් වෙන් කර තිබිණි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"අපි උපරිම මිලේ කිසිම වෙනසක් කරලා නැහැ. මට පුළුවන් පාරිභෝගික කටයුතු අධිකාරියට ඒ මිලට වඩා වැඩි මිලට අලෙවි කරන ස්ථානවලට වැටලීම් කරන්න කියලා. මොකද ඔවුන් ඇවිල්ලා මිල ඉහල නැංවීමක් සඳහා අනුමැතිය ඉල්ලා නැහැ. ඔවුන් පවතින තත්වය පිලිබඳ පැහැදිලි කිරීමක් පමණයි සිදු කළේ."

කෙසේවෙතත් පසුගිය දා සිංහල හින්දු අලුත් අවුරුදු සමය වන විට කුකුල් මස් කිලෝවක මිල 800 ඉක්මවා යා හැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක ප්‍රකාශ කර තිබිණි.

සත්ව ආහාර මිල අධික ලෙස ඉහළ ගොස් ඇති හෙයින් සාමාන්‍ය නිෂ්පාදකයින් කුකුල් මස් නිෂ්පාදනයෙන් ඉවත්වෙමින් යන බව ද ඔහු ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)
Last modified on Monday, 05 April 2021 15:28