May 02, 2024

දේවානි ජයතිලක හොඳ නිළියක්: ටෙලි නාට්‍යයක කොටසක් - දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වැඩේට බැහැලා ඉන්නවා

මේ වන විට සමාජයේ යළිත් වතාවක් දැඩි අවධානයට ලක්ව සිටින ගම්පහ දිසා වන අඩවි නිලධාරී දේවානී ජයතිලක මහත්මිය නිරන්තරයෙන්ම ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සමග ගැටුම් ඇති කර ගැනීම පිළිබඳව ආණ්ඩුව සිය ප්‍රතිචාරය දක්වා තිබේ.

මේ සම්බන්ධයෙන් රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ දේවානි ජයතිලක මහත්මිය හැම තිස්සෙම කෑගහන්නෙ මාධ්‍යයට යමක් දීමේ අරමුණින් බවත් එය කරන හැටි ඇය හොඳින් දන්නා බවත්ය.

ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන සභා රැස්වීමේදී ඇමතිවරුන් හා ඇය අතර සිදු වූ සිද්ධිය තමා හොඳින් බැලූ බවත් එතැන සිදු වූයේ හැලහැප්පීම්ක් නොව කරුණු ඉදිරිපත් කිරීමක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

නීතිය අකුරට ඉටු කරන නිලධාරීන් කවුරුන්ද යන්න ආණ්ඩුව හොදාකාරවම දන්නා මුත් මෙතන එසේ නොවන වෙනම සිදුවීමක් සිදුවන බව පෙන්වා දෙන අමාත්‍යවරයා දේවානි ජයතිලක සිදුවීම් පෙළ ටෙලි නාට්‍යයක් බව සඳහන් කරයි.

මෙම ටෙලි නාට්‍යය පිටුපස හොඳ අධ්‍යක්ෂකවරයෙකු සිටින බව සඳහන් කරන අමාත්‍යවරයා වැඩේ නම් හොඳට කෙරීගෙන යන බවද පෙන්වා දෙයි.

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබුණේ සති අන්ත ජාතික පුවත් පතක්  සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 05 April 2021 13:45

Related items