May 02, 2024

“එයා වනය රකින නිලධාරිනියක් නම් ඇයි ගමට මේ අපරාධය කළේ” - දේවානි ගැන ප්‍රදේශවාසීන්ගෙන් හෙළිදරව්වක් (VIDEO)

පසුගිය රජය සමයේ ගම්පහ මීරිගම, බෝතලේ දඹුගොල්ල හොරකැලේ වනාන්තරය විනාශ සිදුවන අවස්ථාවේ ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය නිහඬව සිනාසෙමින් සිටි බවට ප්‍රදේශවාසීන් විසින් චෝදනා එල්ල කර තිබේ.

ඇකේෂා ශාකය ඉවත් කරනවා යැයි පවසමින් අක්කර 23ක් පුරා පැවැති හොරකැලේ වනාන්තරය පුරාවට ඇති ශාකයන් කපා ඉවත් කරගෙන ඇතැයි ඔවුන් චෝදනා කරයි.

එමෙන්ම රජයේ අවශ්‍යතාවය මත ගස් කපන බවත්, එයට එරෙහි වන අයට දැඩි දඬුවම් පමුණුවන බවටත් පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය එම ප්‍රදේශයේ කළ සංචාරයක් අතර අනාවරණය කළේය.

එහිදී ඇය කියා සිටියේ “මේ පළාත ආරක්ෂා වෙලා තිබුණේ මේ වනාන්තරය හින්දා, අද වෙන කොට මේ පළාතේ තනිකරම වතුර නැහැ..උදේට ගස් ටික කපලා රෑ වෙන කොට ලොකු හරවන්නත් බැරි ලොරිවලින් තමයි මිනිස්සු නින්දට ගිය වෙලාවේ තමයි ගොඩාක් වෙලාවට ප්‍රවාහනය කරලා තියෙන්නේ..” යනුවෙනි.

එමෙන්ම මන්ත්‍රීවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මේ සියල්ලම සිදු වුණේ යහපාලන ආණ්ඩුව කාලේ බවයි. 

එමෙන්ම අඩවි වන නිලධාරිනිය ගැන සඳහන් කරමින්  ඇය පවසා සිටියේ “දේවානි ජයතිලක මහත්මිය ඒ කාලෙත් අදාළ ආයතන භාරව සිටි නිලධාරීතුමිය..ඒ වෙලාවේ එතුමිය ඇවිල්ලා බලලා හිනාවෙලා ඒ වැඩිපිළිවෙළවල් කරගෙන ගිහින් තියෙනවා…” ලෙසිනි.

ප්‍රදේශවාසීන්ද දේවානි ජයතිලක මහත්මිය සම්බන්ධව අදහස් පළ කර තිබුණු අතර ඔවුන් කියා සිටියේ මෙවන් කතාවකි.

එහිදී ප්‍රදේශවාසී කාන්තාවක් පවසා සිටියේ “එයත් ආවා ගස් කපනවා බලන්න..එතුමිය ගැන අපිට තියෙන්නේ බොහෝම කලකිරීමක්… අපිට කිව්වා අවුරුද්දක් යනකන් ගස් කැපුවට පස්සේ වගා කරන්න කියලා..අපි කරපු දේ බටුපැළ ටිකක්, මිරිස් පැළ ටිකක් වගා කරා..කතුරුමුරුංගා පැලයක් වගා කරලා තිබුණා එතුමියටම කතුරු මුරුංගා කඩලා දුන්නා දවස් 03ක් විතර ගෙනියන්න.. අන්තිමට ඇවිල්ලා ඒ කතුරුමුරුංගා පැළයත් කපලා දැම්මා..ස්භාවධර්මයට ආදරෙයි කියන එක කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ..” යනුවෙනි.

මිරීගම ප්‍රදේශීය සභා මන්ත්‍රී මනෝජ් බණ්ඩාර මහතාද මෙහිදී අදහස් පළ කර සිටි අතර ඔහු කියා සිටියේ ගම්වාසීන් පැමිණ මෙම වන විනාශය පිළිබඳව තමන් හටද පැවසූ බවයි.

එහිදී ඔහු කියා සිටියේ “ඒ වෙනකොට මිරීගම ප්‍රදේශීය සභා මන්ත්‍රීවරියක් හැටියට අපිට ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ කමිටුව තහනම් කරලා තිබුණේ.. දේවානි මහත්මිය කැළෑ කපනවා කියලා කියපු ඒ නිලධාරිතුමිය ඇවිල්ලාම තමයි මේ කැළේ බලලා තිබුණේ...එයා ඇත්තටම වනය රකින නිලධාරිතුමියක් නම්, ඇය මේ වගේ අපරාධයක් මේ ගමට කළේ..” යනුවෙනි.

එම අදහස් පළ කර තිබූ වීඩියෝව පහතින්,

Rate this item
(3 votes)