May 11, 2024

අස්ගිරි - මල්වතු මහා නාහිමියන්ගෙන් හිටපු ජනපතිට යෝජනාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් වූ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස මල්වතු නාහිමියන් හිටපු ජනපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවේ ප්‍රකාශ කොට ඇති බැව් ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ (30) හිටපු ජනපතිවරයා ශ්‍රීලනිපය යළි පුබුදුවීමේ වැඩ පිළිවෙළ මහනුවරින් ආරම්භ කරන ලදී.

ප්‍රථමයෙන්ම ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු අස්ගිරි - මල්වතු නා හිමියන් මෙන්ම ගැටබේ රජමහ විහාරාධිපති වහන්සේද බැහැදැක තිබේ.

මල්වතු මහා නාහිමියන් හිමියන් ඉහත සඳහන් ප්‍රකාශය හිටපු ජනපතිවරයා හමුවේ ප්‍රකාශ කොට තිබෙන්නේ ඒ අවස්ථාවේදීය.

අස්ගිරි මහා නාහිමියන්ද ඒ හා සමාන අදහසක් හිටපු ජනපතිවරයා හමුවේ ප්‍රකාශ කොට තිබෙන බවද ශ්‍රීලනිප ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

අස්ගිරි - මල්වතු මහනාහිමිවරුන් බැහැදැකීමෙන් පසු හිටපු ජනපතිවරයා ඇතුළු ශ්‍රීලනිප නිලධාරි මණ්ඩලය මහනුවරදී පාක්ෂිකයන් සමග සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ, පක්ෂය කාලීනව ප්‍රතිසංවිධානය විය යුතු ආකාරය, ඉදිරි මැතිවරණයට මුහුණ දෙන ආකාරය ආදි වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන තිබේ.

දළදා සමිඳුන් වැඳ පුදා ගැනීම, මහානාහිමිවරු බැහැදැකීම, පක්ෂ ක්‍රියාකාරීන් හමුවීම ආදී සියලු වැඩසටහන් සදහා හිටපු ජනපතිවරයා මෙන්ම ශ්‍රීලනිප නිලධාරි මණ්ඩලය ද සහභාගි වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 31 March 2021 13:34