May 16, 2024

කලකට පසු ඇමති බන්දුලට හොඳක් අහන්න ලැබෙයි

කලක පටන් හාස්‍යයට හා විවේචනයට ලක්ව සිටින බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයා පිළිබඳව කාලයකට පසු හොදක් අසන්නට ලැබී තිබේ.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පිළිබඳව මෙසේ සුබවාදීව කතා කරනු ලැබුවේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා වීම ද විශේෂත්වයකි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ විශේෂ ජනපති කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදයේදී මතභේදාත්මක ප්‍රකාශ රැසක් කළ හිටපු ජනපතිවරයා මෙරට මාධ්‍යවල හැසිරීම සම්බන්ධයෙන් ඇති කණගාටුදායක ස්වභාවය පිළිබඳවද අදහස් දක්වන ලදී.

ඒ ගැන හිටපු ජනපතිවරයා කතා කරන අවස්ථාවේ සභා ගැබේ සිටි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා දෙසට හැරී "ජනමාධ්‍ය පිළිබඳව බොහෝ අය පොත් ලියල තියෙනවා. අපේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා චිත්‍රපටයක් ගැහුවා THE NEWS PAPER. THE NEWS PAPER එකේ හොඳට තියෙනවා ජනමාධ්‍ය කොහොමද අසාධාරණ විදිහට වැඩ කරන්නේ කියලා" යැයි සඳහන් කළේ ගුණවර්ධන අමාත්‍යවරයාට ගෞරවයක්ද එක්කරමිනි.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ජනප්‍රිය අමතර පන්ති දේශකයෙකු, ග්‍රන්ථ රචකයෙකු පමණක් නොව "සුද්දිලාගේ කතාව" ඇතුළු චිත්‍රපට රැසක් නිෂ්පාදනය කළ නිෂ්පාදකවරයෙකුද වේ.

Rate this item
(2 votes)
Last modified on Friday, 26 March 2021 16:42