May 15, 2024

ඇමති බන්දුල කැමැතිම ගීතය - "මගේ ජොබ් එක  නසපු එකා" - ඒ කවුද?

බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයා තරම් මහජනතාවගේ උසුළු විසුළුවට, හාස්‍යයට ලක් වන තවත් ඇමතිවරයෙකු නැති තරම්ය.

ඉහළ යන බඩු මිලත් සමග පලකට නැති ගැසට් ගැසීමට ප්‍රසිද්ධියක් උසුලන ගුණවර්ධන අමාත්‍යවරයාගේ උපන්දිනය පසුගිය දිනක යෙදී තිබුණි.

සිය උපන් දිනය වෙනුවෙන් උපන් දිනය දාම ගුණවර්ධන අමාත්‍යවරයා සිය ප්‍රඥාබන්දු ශිෂ්‍යත්ව අරමුදලේ සමාරම්භක උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

අග්‍රාමාත්‍යවරයා මෙන්ම හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ද එම අවස්ථාවට එක් වූ අතර එහිදී ගුණවර්ධන මහතාගේ උපන් දින කේකයද කැපීමෙන් අනතුරුව අපූරු ගීතයක් ගායනා කරන ලදී.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාම රචනා කරන ලද මෙම ගීතය ගයන ලද්දේ සමන් ලෙනින් වන අතර ගීතය වූයේ "මගේ ජොබ් එක නසපු එකා"යන ගීතයයි. ගීතය ඇසූ එතැන සිටි කිහිප දෙනෙකු ගුණවර්ධන අමාත්‍යවරයාගෙන් විමසා ඇත්තේ මුදල් ඇමතිකම නොලැබීමේ දුකට මේ ගීතය ලිව්වා නේදයයි කියාය.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වර්තමාන ආණ්ඩුව තුළ මුදල් අමාත්‍යධූරය බලාපොරොත්තුවෙන් සිටි බව ප්‍රකට කරුණක් වන අතර මේ වන විට එම අමාත්‍යධූරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්ම දරනු ලබයි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 23 March 2021 10:15