May 16, 2024

ඇමැති බන්දුලගේ PCR පරීක්ෂණ වාර්තාව එළියට - විශේෂ සටහනකුත් තබයි

February 01, 2021

වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට කොරෝනා වයිරසය ආසාදනය වීමත් සමඟ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද PCR පරීක්ෂණය සඳහා අද(01) උදෑසන යොමුවී තිබිණි.

ඒ අනුව එම PCR පරීක්ෂණය වාර්තාවේ ප්‍රථිපල මේවන විට ලැබී ඇති අතර එම වාර්තාව අනුව කොරෝනා ආසාදිත නොවන බවට තහවුරු වී ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ සඳහන් කර තිබිණි.

"විවිධ රාජකාරී කටයුතු සිදු කිරීමේ දී හමුවන පුද්ගලයන් covid 19 ආසාදිත බවට විවිධ අවස්ථා වලදී තහවුරු වීම හේතුවෙන් මේ වන විට PCR පරීක්ෂණය සඳහා අවස්ථා 5කදී යොමු වීමි. ඒ සෑම අවස්ථාවකදීම එම පරීක්ෂණ වල ප්‍රතිඵලයන් අනුව ආසාදිත නොවන බවට තහවුරු විය. මේ වන විට මාගේ අමාත්‍යාංශ ලේකම්තුමිය COVID-19 ආසාදිත බවට තහවුරු වීමත් සමඟ අද දින උදෑසනම නැවත PCR පරීක්ෂණයක් සඳහා යොමු වීමි. එහි ප්‍රතිඵලය මා අතට පත්වූ වහාම ඒපිළිබඳව ඔබ සියළු දෙනා දැනුවත් කිරීම වගකීමක් කොට සලකන බැවින් අද දින සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තාව අනුව නැවතත් ආසාදිත නොවන බවට තහවුරු විය.

ඒ අනුව මේ වන විට වෙළෙඳ අමාත්‍යාංශය මුළුමනින්ම විෂබීජ හරණය කොට යථාවත් කිරීම ආරම්භ කර ඇති අතර එතෙක් රාජකාරී කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ සිට සිදු කරමි. එමෙන්ම වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්තුමිය ඇතුළු ආසාදිත සියල්ලන්ටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර සියල්ලන්ගේම යහපත පිණිස ඔබ සියළු දෙනාම සෑම සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව මේ මොහොතේදී නැවතත් සිහිපත් කරමි.

ස්තුතියි.

ආචාර්ය බන්දුල ගුණවර්ධන, වෙළෙඳ අමාත්‍ය.

No photo description available.

Rate this item
(0 votes)
Last modified on Monday, 01 February 2021 13:18