May 17, 2024

වෙළඳ අමාත්‍යංශ ලේකම්වරියට කොරෝනා! ඇමැති බන්දුලත් අවදානමේ?

February 01, 2021

වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ඇයට රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් ඊයේ (31) පස්වරුවේ පිසිආර් පරීක්ෂණයක් සිදුකර තිබූ අතර එහි ප්‍රතිඵල අද (01) උදෑසන ලැබී තිබේ.

ඒ අනුව ඇය රෝහල් ගත කර ඇති අතර ඇයගේ අමාත්‍යාංශය ලේකම් කාර්යාලය වසා දමා තිබේ.

මේ අතර ජයවර්ධන මහත්මියට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ද අද දිනයේ පිසීආර් පරික්ෂණයක් කර ඇත.

එහි වාර්තාව අද පස්වරුවේ ලැබීමට නියමිතය.

Rate this item
(0 votes)