May 14, 2024

කොළඹ නගරයේ හුදකලා කර තිබෙන ප්‍රදේශවල තත්ත්වය විපක්ෂ නායක සභාවට දැනුම් දෙයි

November 24, 2020

කොළඹ නගර සීමාව තුළ මාසයකට ආසන්න කාලයක් හුදකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන තත්ත්වය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරන ලදී.

හුදකලා කර තිබෙන එක් ග්‍රාම සේවා වසමක 10,000කට ආසන්න පිරිසක් ජීවත් වන බවත් එහෙත් දිනකට රුපියල් 5000 ලබා දෙන්නේ ඉන් 100කට පමණක් බවත් පෙන්වා දෙන ලදී.

ඉහළ යන ජීවන වියදමත් සමඟ රුපියල් 5000කින් දෙදෙනෙකු සිටින පවුලකටවත් ජීවත් විය නොහැකි බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා තමා මුලින්ම ප්‍රකාශ කළ පරිදි රුපියල් 20,000ක් ලබා දිය යුතු බවත් සඳහන් කරන ලදී.

එසේ 20,000ක් ලබා දෙනවාද, නැතිනම් කොපමණ මුදලක් ලබා දෙනවාද, තවත් කොපමණ කාලයක් මෙම ප්‍රදේශ හුදකලා කර තිබෙනවාද යන්න විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 November 2020 12:05