පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ කටයුතු අද (20) සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් එහි කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබුණි.
කෙසේ වෙතත්, කොවිඩ් නයින්ටීන් රෙගුලාසිවලට අනුකූලව අද දිනයේ සිට කෝප් කටයුතු නැවත ආරම්භ කිරීමට පියවරගන්නා බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
ඒ අනුව අද කෝප් කමිටුව සදහා මාර්ග සංවර්ධන අධිකාරිය, මහාමාර්ග අමාත්‍යංශයේ සහ අදාළ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ නිළධාරීන් කැඳවීමට නියමිතව තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සිදුකර ඇති විශේෂ විගණන වාර්තාව මෙහිදී සලකා බැලීමට නියමිත බව වාර්තා වේ.