April 29, 2024

සජිත් අසරණ වේ - බිරිඳ ජලනි සමගි වනිතා බලවේගයත් අතට ගනී

November 15, 2020

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මිය එම පක්ෂයේ වැඩ කටයුතුවලට මැදිහත් වීම මත පක්ෂය තුළ අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව ඒෂියන් මිරර් මීට පෙරත් වාර්තා කරන ලදී.

ජලනි ප්‍රේමදාස මහත්මිය පක්ෂයේ කාන්තා පෙරමුණ වන සමගි වනිතා බලවේගය කටයුතුවලට මැදිහත්වීම් මත යළිත් අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

සමගි ජන බලවේගයට ද අනුබද්ධිත සමගි කාන්තා පෙරමුණේ වගකීම කිසිවෙකුටත් පැවරීමට ඉඩ නොදී එය තමන් යටතේම තබා ගැනීමට ජලනි ප්‍රේමදාස මහත්මිය කටයුතු කිරීම පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවන්ගේ අප්‍රසාදයට මෙන්ම කළ කිරීමටද හේතු වී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ද පියවරක් ගැනීමට නොහැකි තරමටම ඔහු ද අසරණ වී තිබෙන බවද අනාවරණය වේ.

මහමැතිවරණයට පෙර එවකට මන්ත්‍රීවරියකව සිටී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් සමගි වනිතා බලවේගය කටයුතු භාරව ක්‍රියා කළ අතර මහ මැතිවරණ පසු ඒ සම්බන්ධයෙන් ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ මැදිහත්වීමක් සිදුවන්නේ නැති බවද පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(9 votes)
Last modified on Sunday, 15 November 2020 10:48