April 29, 2024

සජිත්ට තවත් ලෙඩක් : "ජාතික ලැයිස්තුව අපි ඉල්ලූවේ නෑ - එයා බලෙන්ම දුන්නා" - ඩයනා ගමගේ

November 11, 2020

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය තමන්ට ලැබුණු ආකාරය පිළිබඳව ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ප්‍රථම වතාවට හෙළිදරව් කර තිබේ.

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය තමන්ට සජිත් ප්‍රේමදාස මහතා විසින් බලහත්කාරයෙන්ම ලබාදුන් එකක් බව මන්ත්‍රීවරිය අනාවරණය කරයි.

සිය ස්වාමි පුරුෂයාට අයත් සමගි ජන බලවේගය පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දුන්නාට ඊට හිලව් වන ලෙස ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් තමාගේ ස්වාමියා නොඉල්ලූ බවද මන්ත්‍රීවරිය අනාවරණය කරයි.

පක්ෂය තමන්ට ලබා දීම නිසා අඩුම තරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්වත් භාරගන්නා ලෙස සජිත් ප්‍රේමදාස මහතා සිය ස්වාමියාගෙන් ඉල්ලීමක් කළ බව සඳහන් කරන මන්ත්‍රීවරිය ඒ සම්බන්ධයෙන් කිසිදු ලිඛිත එකඟතාවයක් නොතිබුණු අතර එය හුදෙක්ම කට වචනයට පමණක් සීමා වූ පොරොන්දුවක් බවද සඳහන් කරයි.

තමාට පාර්ලිමේන්තු යෑමට කිසිදු කැමැත්තක් නොමැති බව තම ස්වාමි පුරුෂයා සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දුන් බවත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන්නේ නම් එය දේශපාලන උණක්‌ තියෙන ඩයනාට ලබාදෙන ලෙස ඒ අවස්ථාවේ සඳහන් කළ බවද මන්ත්‍රිවරිය පෙන්වා දෙයි.

පක්ෂය ලබාදීම වෙනුවෙන් කිසිදු මුදලක් හෝ වෙනත් වරදානයක් ලබා නොගත් බව ද ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අනාවරණය කරයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමේදී පක්ෂය ගත් තීන්දුවට එරෙහිව යමින් ආණ්ඩුවත් සමඟ ඡන්දය ප්‍රකාශ කිරීම හේතු කොට ගෙන මේ වන විට ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ව සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමෙන් ඉවත් කොට තිබේ.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය මේ අදහස් පළ කළේ පුද්ගලික රූපවාහිනී ආයතනයක වැඩසටහනකට එක්වෙමිනි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 11 November 2020 11:54