May 15, 2024

බන්දුල ගුණවර්ධනට ප්‍රශ්නයක් - ගැසට් නිවේදනයේ තිබෙන ගානට හාල් තියෙන්නේ කොහෙද?

November 10, 2020

කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ සහල් මිල ප්‍රශ්නය ද සමාජයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ.

සහල්වලට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ඉකුත් 4 වනදා පස්වන වතාවටත් රජය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් මිල ගණන්වලට හාල් මිලට ගැනීමට ඇත්තේ කොහේදැයි පාරිභෝගිකයන් බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්ණ කරයි.

ගැසට් නිවේදනයේ සඳහන් මිල ගණන්වලට සහල් මිලට ගත හැක්කේ සතොස වෙළඳ සැල් වලින් පමණක් වන අතර එහිදීද එක් පාරිභෝගිකයෙකුට ලබා දෙන්නේ සහල් කිලෝ දෙකක් පමණි.

සතොස වෙළඳසැල් අතිබහුතරයක් පිහිටා තිබෙන්නේ නගර ආශ්‍රිතව බැවින් ගම්බද ව සිටින පාරිභෝගිකයන් හාල් කිලෝ දෙකක් ගැනීම සඳහා සතොස වෙළඳ සැල් වෙත පැමිණීමට යන වියදම හා සංසන්දනය කරද්දී ගමේ වෙළඳසැල්වලින් වැඩි මිලට සහල් ගැනීම ලාභදායක වේ.

විශේෂයෙන්ම රටේ ජනගහනයෙන් හතරෙන් එකක් ජීවත්වන බස්නාහිර පළාතට මීට ටික දිනකට පෙර කොවිඩ් 19 හේතු කොට ගෙන පනවන ලද ඇඳිරි නීතිය හමුවේ සාමාන්‍ය වෙළඳසැල්වල සහල් කිලෝවක මිල රුපියල් 110 ඉක්මවීය.

රජය විසින් නිකුත් කොට ඇති නවතම ගැසට් නිවේදනයට අනුව සම්බා කිලෝව රුපියල් 96ට ද, නාඩු කිලෝවක් රුපියල් 98 ටද අලෙවි කල යුතු වුවත් මේ වන විටත් ගම්බද වෙළඳසැලක සම්බා හා නාඩු කිලෝවක මිල රුපියල් 110 ඉක්මවයි.

ග්‍රාමීයව තිබෙන සමුපකාර සමිති වල ද ඉහත සඳහන් හාල් විකුනන්නෙ සාමාන්‍ය වෙළඳසැල් වල තිබෙන මිළ ගණන් වලටමය .

Rate this item
(0 votes)
Last modified on Monday, 09 November 2020 19:58