April 29, 2024

ජලනි ප්‍රේමදාසගේ අනවශ්‍ය මැදිහත්වීම මන්ත්‍රීවරුන්ට හිසරදයක් වෙලා Featured

November 08, 2020

සමගි ජන බලවේගයේ අභ්‍යන්තර කටයුතු සඳහා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියගේ මැදිහත් වීම පිළිබඳව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු බොහෝ පිරිසක් කලකිරීමෙන් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ජලනි ප්‍රේමදාස මහත්මියගේ බලපෑම් මත සජිත් ප්‍රේමදාස මහතා ද යම් යම් තීරණ ගැනීමේදී ගැටලුකාරී හා අපහසුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන බව ද දැනගන්නට තිබේ.

ජලනි ප්‍රේමදාස මහත්මියගේ මෙම මැදිහත්වීම හරහා සමගි ජන බලවේගයට අත්වන ඉරණම පිළිබඳව පක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම සජිත් ප්‍රේමදාස මහතාව දැනුවත් කර තිබෙන බවද දැනගන්නට තිබේ .

ජලනි ප්‍රේමදාස මහත්මිය වටා ඒකරාශි වී සිටින පිරිසක්ද පක්ෂයේ කටයුතු වලට මැදිහත් වන අතර ඉන් ඇතැමෙක් මතභේදාත්මක ආගමික නිකායන් වලට අයත් පිරිස් වන බවද දැනගන්නට තිබේ.

ජනාධිපතිවරණය සමයේ ද සජිත් ප්‍රේමදාස මහතාගේ මුදල් පාලනය ජලනි ප්‍රේමදාස මහත්මියගේ මූලිකත්වයෙන් ලකී ෆොන්සේකා මහතා ඇතුළු පිරිසක් විසින් කළ බවද ප්‍රකට කරුණකි .

Rate this item
(6 votes)
Last modified on Saturday, 07 November 2020 19:55