April 29, 2024

"මම දැන් වාඩිවෙන්නම්, හැබැයි කවදා හෝ මා කී දේ සැබැවින් ම ඇසෙවි" - සජිත්ගෙන් ආණ්ඩුවට වදනක්

November 03, 2020

අද (03) දිනයේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කතාව අතර තුරු දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. 

ඔහුගේ කතාව පුරාවට ආණ්ඩු පක්ෂය බාධා කිරීම හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා විසින් බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකුගේ කතාවක් සිහිපත් කළේය.

එහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියේ බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බෙන්ජමින් ඩිස්රෙයිලි කතා කරන විටද ඔහුට පාර්ලිමේන්තුවෙන් බාධා කළ බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ විපක්ෂ නායකවරයා හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කතාවක් උපුටා දක්වමින් පවසා සිටියේ "මා දැන් වාඩිවෙන්නම්, හැබැයි කවදා හෝ මා කී දේ ම ඇසෙවි" බවයි.

විපක්ෂ නයකවරයා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාව උපුටා දක්වමින් තවදුරටත් කියා සිටියේ  "මට කියන්න තියෙන්නේ එදා මා කී දේ ඇත්ත බව ඔබට අහන්නට ලැබීම ගැන මට ඇති වෙන්නේ සතුටක් නොව දුකක්, එදා මා කී දේ ඔබට අහන්න ලැබී තියෙන්නේ වෙන මොනවත් නිසා නෙමෙයි, මිනිස්සුන්ගේ අඳෝනාව නිසා" බවයි.

බෙන්ජමින් ඩිස්රෙයිලි අග්‍රාමාත්‍ය තුමාගේ වදන් අද දවසටත් වලංගු බවද විපක්ෂ නායකවරයා තම කතාවේ දී කියා සිටියේය.

විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සත් භාවයෙන් පිළිගෙන මෙරට කොරෝනාව මර්දනය කරන්නට කටයුතු කරන ලෙසත්, සමගි ජන බලවේගය විපක්ෂය ලෙස උපරිම සහයෝගය කොන්දේසි විරහිතව ලබා දෙන බවද විපක්ෂ නායකරයා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පවසා සිටියේය.

අග්‍රාමාත්‍යවරයාගේ බලය කප්පාදු කිරීමට උනන්දු වුවා වගේම කොරෝනාව මර්දනයටත් උනන්දු වෙන ලෙසද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩු පක්ෂයට කියා සිටියේය. 

Rate this item
(0 votes)