May 10, 2024

දයාසිරි ඇතුළු ශ්‍රීලනිප පිරිසක් අභයාරාමයේ සාකච්ඡාවක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු නියෝජිත පිරිසක් මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව නාරාහේන්පිට අභයාරාමයේදී විශේෂ සාකච්ඡාකට සභභාගී විය.

එහිදී අභයාරාමාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු මහා සංඝරත්නය නිදහස් පක්ෂ නියෝජිතයින් සමග 20 වැනි සංශෝධනය පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ජාතික සංවිධාන සහ ප්‍රගතිශිලී බලවේග ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු කණ්ඩායම 20 වැනි සංශෝධනයේ තවදුරටත් සිදුවිය යුතු සංශෝධන පිළිබඳව දැඩි ස්ථාවරයක් ප්‍රකාශ කළේ ය.

ද්විත්ව පුරවැසි බාධකය ඉවත් නොකළ යුතු බව උන්වහන්සේ සඳහන් කළේය.

Rate this item
(0 votes)

Related items