May 15, 2024

රජයේ රැකියාලාභීන්ගේ නම් වෙබ් අඩවියේ පළ කරයි - නම් ලැයිස්තුව මෙන්න

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ මේ වනවිට පළ කර තිබේ.

තෝරා ගත් උපාධිධාරීන්ගේ පත්වීම් ලිපි රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ විසින් ඉදිරියේදී ඔවුන් වෙත යොමු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

සියලූ පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු බව රජය මීට පෙර දැනුම් දී තිබිණි. එලෙස පත්වීම් ලබන රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව 50,000කි.

මීට අමතරව තෝරාගත් අඩු ආදායම්ලාභීන් ලක්ෂයක් රැකියා සඳහා නියුක්ත කිරීමේ වැඩසටහන ද ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. 

ඒ අනුව ඒ සඳහාම ස්ථාපිත බහුකාර්ය සංවර්ධන කාර්යය සාධක බලකාය විසින් සැප්තැම්බර් 02 වැනි දා සිට තෝරාගත් පිරිස රැකියා සඳහා අනියුක්ත කිරීමේ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ සඳහා සුදුස්සන් සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලින් තෝරා ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. 

අදාළ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවිය වන pubad.gov.lk වෙබ් අඩවියේ ඇතුළත්  කර තිබේ. 

Rate this item
(2 votes)
Last modified on Monday, 17 August 2020 14:20