May 17, 2024

අලුතෙන් රැකියා දීම ගැන බැසිල්ගෙන් තීරණයක්

පසුගිය කාලයේ රැකියා විශාල ප්‍රමාණයක් ලබා දී ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට තිබෙනවා.

ඒ අනුව අලුතින් කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව යි ඔහු පවසා ඇත්තේ.

මේ නිසා දැනට සිටින කාර්ය මණ්ඩල යොදාගෙන ඉදිරි කටයුතු සිදුකරන ලෙසට ඒ මහතා අමාත්‍යවරුන්ට ප්‍රකාශ කොට ඇති බව සඳහන්.

මුදල් අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි.

Rate this item
(4 votes)
Last modified on Tuesday, 20 July 2021 07:52