May 15, 2024

මැතිවරණය කට ළඟ සජිත්ගෙන් පොරොන්දු පිට පොරොන්දු

එළැඹෙන 05 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයෙන් පසු තමා මේ රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ජනතාවට ලබා දෙන සහන ඇතුළත් පොරොන්දු ප්‍රතිකාවක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනතාවට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව පෙබරවාරි - මාර්තු විදුලි බිලට අය කළ මුදල යළි පාරිභෝගිකයාට ලබා දීම, කොරෝනා වසංගතයෙන් අසරණ භාවයට පත් සෑම පවුලකටම රුපියල් 20,000ක දීමනාවක් ලබා දීම හා බලයට පත්ව පැය 24ක් යෑමටත් මත්තෙන් ඉන්ධන මිල අඩු කිරීම ඒ අතර වේ.

ආර්.ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා හැටියට තමා දෙන පොරොන්දු අනිවාර්යෙන්ම ඉටු කරන බවට ඔහු අවධාරණය කරයි.

Rate this item
(0 votes)