May 14, 2024

සජිත් කොළඹින් මැතිවරණයට - හරීන්, රංජිත්, තිස්ස ජාතික ලැයිස්තුවට

සමගි ජනබලවේගය මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහාම අද (19)  නාමයෝජනා භාර දෙන බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි.

ඇතුලුකෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය ප්‍රධාන කාර්යාලයේදී නාමයෝජනා අත්සන් තැබිමේ කටයුතු ඊයේ සහ පෙරේදා දිනවලදී සිදුකර අවසන් කළ බවද ඔහු සඳහන් කළේය.

සමගි ජනබලවේගයේ නායක සහ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවට ඇතුල්කෝට්ටේ පිහිටි එම කාර්යාලයේදී ඊයේ (18) අත්සන් තැබීය.

සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබන්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු යන මහත්රුන් ඇතුළු පිරිසක්  සමගි ජනබලවේගයේ ජාතික ලයිස්තුව සඳහා ඇතුලත් කර තිබේ.

කොරෝනා වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් නාමයෝජනා බාරදීමේ කටයුතු ජනතාවගේ සහභාගිත්වයෙන් තොරව සිදුකරන බවද අත්තනායක මහතා කියා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 March 2020 01:49