May 14, 2024

සජිත් ඡන්දෙට නුවරින් වැඩ අල්ලයි

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික සමගි ජනබලවේගයේ මැතිවරණ ව්‍යාපාරය ලබන 20 වැනිදා පස්වරු 2.00 ට මහනුවරින් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

සජිත් ප්‍රේමදාස මහතා එදින මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ගොස් ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මල්වතු - අස්ගිරි මහානාහිමිවරුන්ද බැහැදැක මැතිවරණ ව්‍යාපාරයට සහභාගීවීමට නියමිතය.

සමගි ජනබලවේගයට සම්බන්ධ සියලු පක්ෂවල නායකයන් හා සිවිල් සංවිධාන නියෝජිතයන්ද එදින රැස්වීමට සහභාගි වන බව වාර්තා වේ.

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 10 March 2020 11:39