April 29, 2024

අල්ලස් කොමිසමෙන් පොලීසිය ඉවතට?

November 30, 2016

අල්ලස් කොමිසම තවදුරටත් ස්වාධීන කිරීම සඳහා විමර්ශන කටයුතු සඳහා පොලිස් නිලධාරීන් බඳවා ගැනීම වෙනුවට විශ්වවිද්‍යාල මට්ටමින් බඳවා ගැනීම් සිදුකිරීමට අවධානය යොමුව ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ ආකාරය විශ්වවිද්‍යාලවලින් බඳවා ගැනීම් පිළිබඳ යෝජනාව රජයට ඉදිරිපත් කර තිබෙන බවද එම කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා පෙන්වා දෙයි.

දැනට විමර්ශන කටයුතු සඳහා පොලිස් නිලධාරීන් යොදාගැනීම සිදුවන බවද ඊයේ (29) පැවැති උත්සවයකදී ඔහු සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 30 November 2016 10:25